පාසල්වලට විදුහල්පතිවරුන් ස්ථානගත කිරීම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් සැකසීමට අවධානය

අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සම්පාදන ක්‍රියාවලියේදී, පාසල්වලට විදුහල්පතිවරුන් ස්ථානගත කිරීම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ ඊයේ (26) විදුහල්පති සේවා සංගමයේ සාමාජිකයින් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

විදුහල්පතිවරුන්ගේ උසස් වීම සම්බන්ධයෙන් වන ගැටලු විසඳීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ ද, වැටුප් විෂමතා සම්බන්ධ ගැටලු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ ද සාකච්ඡා කරමින් සිදුකරන බව මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් මෙහිදී අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට තෘප්තිමත් සේවා පරිසරයක් ඇති කිරීම තුළින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සිදුවන පරිවර්තනය වඩාත් සංවිධානාත්මක ලෙස සිදුකිරීමට හැකි වන බවත්, විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු අනුව, පාසල් පද්ධතිය තුළ නිසි පරිදි ස්ථානගත කිරීමේ ක්‍රියාපටිපාටියාක් සම්පාදනය කිරීම තුළින් එම අපේක්ෂිත අරමුණ සඳහා ඉඩ සැලසෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07