පාර පනිද්දී ට්‍රැක්ටරයටක බිළි වූ මතීෂ

වැලිකන්ද, අසේලපුර සිට කුරුළුබැද්ද දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයකට යට වී පිරිමි ළමයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ළමයා පාර මාරුවෙමින් සිටිය දී ඊයේ (08) රාත්‍රියේ ට්‍රැක්ටර් රථයට යට වී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මතීෂ කවිශ්ක නැමැති දරුවෙක් වන අතර ඔහු වැලිකන්ද, අසේලපුර, මහවැලි නිවාස ලිපිනයේ පදිංචිව සිටි අයෙක්.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිකන්ද පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?