පාරේ ගිය වාහනය අඩි 100 ක් පමණ ප්‍රපාතයකට පෙරලෙයි

නුවරඑළිය -හැටන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් අද (09) අළුයම 01.00 ට පමණ තලවාකැලේ ශාන්ත ක්ලෙයාර් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කළ බවයි තලවාකැලේ පොලීසිය පවසන්නේ.

නුවරඑළිය සිට කොටගල බලා ධාවනය කරමින් තිබූ මෙම මෝටර් රථය තලවාකැලේ, ශාන්ත ක්ලෙයාර් ප්‍රදේශයේ වංගුවක් අසලදී අඩි 100 ක් පමණ ප්‍රපාතයවැඩිදුරටත් සඳහන් කළා.

අනතුර වන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරා පමණක් ගමන් කර ඇති අතර ඔහු බීමත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?