පාරිභෝගික භාණ්ඩවලට සහනාධාර දෙනවාට මා විරුද්ධයි – එස්. බී. දිසානායක

විවිධ සටන් පාඨ දමාගෙන ඉදිරියට ඒම රජය වහා මර්දනය කළ යුතුයි

කොව්ඞ් වසංගතයත් සමග ලෝකයම අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක් බව තේරුම් ගතයුතු බවත්, මෙවැනි අවස්ථාවක පඩි වැඩිකිරීම් ඇතුළු විවිධ ඉල්ලීම් සහිත සටන් පාඨ දාගෙන ඉදිරියට ඒමට ඉඩ නොදීමට රජය වහා පියවර ගතයුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා පැවැසීය.

බත්තරමුල්ල ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24 දා පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවැසූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

මුළු ලෝකයටම අද බලපා තිබෙන බඩු මිල ප‍්‍රශ්නය, ජීවන වියදම් ප‍්‍රශ්නය, උද්දමනය පිළිබඳ ප‍්‍රශ්නය පැමිණියේ කොවිඞ් වසංගතයත් සමගයි. එය ලබන වසරටත් ඉතාම නරක ආකාරයට බලපාන බව තේරුම් ගෙන මේ අර්බුදයට සාමූහිකව මුහුණ දෙමින් නැවත මේ රට තුළ මේ වසංගත පතුරුවන තත්ත්වයට, රටේ ජනතාව මෙහෙයවන්නේ නැතුව මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට මැදිහත් විය යුතුයි.

ඒ කිසිවක් නොතකා ඉදිරියට එනවානම් වහාම ඒවා නතර කිරීමට රජය කටයුතු කළ යුතුයි. මේ අවස්ථාවේ පඩි වැඩිවීම් ඇතුළු විවිධ ඉල්ලීම් ඇතුළු සටන් පාඨ දාගෙන ඉදිරියට ඒමට ඉඩ නොදිය යුතුයි. මේ වෙලාව පඩි වැඩි කරන වෙලාවක් නොවෙයි. ලෝකයේ පඩි අඩු කරන වෙලාවක්. පාරට බහින්න දෙන්න ඉඩදෙන්න එපා. මේ අවස්ථාවේ එවැනි දේවල් කරන්න එනවා නම් ඒවා නීති විරෝධීයි. ඒවා වහාම නතර කළ යුතුයි. මර්දනය කළයුතුයි. එවැනි දේවලට ඉඩදී තිබෙන අර්බුදයෙන් රට ගලවා ගැනීම දුෂ්කරයි.

අපිට මේ වෙලාවේ විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි. ඒ නිසා අදානි සමාගම වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට භාර ගනිද්දී එයට විරුද්ධ නොවී ඊට සතුටු විය යුතුයි. ශක්තිමත් ආයෝජකයෙක්. ඒ වගේම තමයි නිව්පෝට්ට‍්‍රස් එනර්ජි සමාගම අපේ රටට පැමිණීමත් ශක්තිමත් එකක්. දැන් විදුලි බලමණ්ඩලය ලොකු සටනකට ලෑස්ති වෙනවා. ඇයි මේ සමාගම අපට ගෑස් දෙන්නේ අඩුවට. ඒ වගේ විදුලියත් නොකඩවා අඩුවට දෙන්න එකඟවෙලා තියෙනවා. ඒ විදියටයි ඒ සමාගම යෝජනා අපට ඉදිරිපත් කර තිබෙන්නේ.

දැන් කියනවා මේ කෝපරේෂන් එකට රාජපක්ෂවරුන්ට සම්බන්ධයක් තිබෙන බවට. මෙහි පරිපාලන විධායක ලෙස කටයුතු කරන ශ‍්‍රී ලාංකිකයෙක්. ඔහු ලොව පිළිගත් විශේෂඥයෙක්. ඔහු ලෝකයට අලූත් දේවල් විශාල ප‍්‍රමාණයක් නිර්මාණය කර පේටන් බලපත් ලබාගත් කෙනෙක්. එහෙම කෙනෙක් නිව්පෝට්ට‍්‍රස් සමාගමේ සෙකනින් කමන්ඩර් හැටියට ඉදීම ශ‍්‍රී ලාංකිකයන් හැටියට අපට මොන තරම් ආඩම්බරයක්ද. ඔහු රාජපක්ෂ පවුලට සම්බන්ධකම් තියෙන කෙනෙක් නොවෙයි. මේ රටේ සිටි දීප්තිමත් කථිකාචාර්යවරයෙක්. ඔහුත් සමග ඒ සමාගම ලංකාවේ ආයෝජනයකට පැමිණීම ඉතා වාසිදායක දෙයක්.

ලෝකයේ හැම රටකම තෙල්, ගෑස් අතුළු භාණ්ඩ මිල ඉහළ යනවා. ජීවන වියදම ඉහළ යනවා. තෙල් මිල පහළ ගියා කිව්වට මෑත යුගයේ තිබෙන ඉහළම මිල තියෙන්නේ. ලෝකය තවමත් නිෂ්පාදන අර්බුදයක ඉන්නේ. කන්ටේනර් ගාස්තු සියයට 300 කින් වැඩිවෙලා. නැව් ගාස්තු සියයට 400කින් වැඩිවෙලා. මේ ප‍්‍රශ්නයට මුහුණදිය යුතුයි. පාරිභෝගික භාණ්ඩවලට සහනාධාර දෙනවාට මම විරුද්ධයි. සංවර්ධනය වූ කිසිම රටක් සහනාධාර දී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49