පාරිභෝගික අධිකාරිය 2024 දී රුපියල් මිලියන 207කට අධික දඩ ගහලා

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රුපියල් මිලියන 207කට අධික දඩ මුදල් ප්‍රමාණයක් පසුගිය වසරේ සිදු කළ වැටලීම්වලින් වෙළෙඳසැල් සඳහා නියමකර තිබෙන බව එම අධිකාරිය සඳහන් කරනවා.

මහේස්ත්‍රාත් අධිකරණ මගින් අදාළ දඩ මුදල් නියම කර ඇත්තේ, නඩු පැවරීම් 23,953ක් සඳහා බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පවරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

අදාළ වැටලීම්වල දී උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සඳහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් ලබා නොදීම, තොග සඟවා තබා ගැනීම, විධිමත් බිල්පතක් ලබා නොදීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත උල්ලංඝනය කරමින් වෙළෙඳුන් විසින් සිදු කරන ලද වැරදි සළකා ඇතැයි ද එම අධිකාරිය සඳහන් කළා.

අදාළ වැටලීම්වල දී ආහාර වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඖෂධ, ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ ඇතුළු විවිධ පාරිභෝගික භාණ්ඩ ආවරණය කර තිබු අතර එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයන් කර ඇත්තේ සහල් සම්බන්ධවයි.

එහිදී සුපිරි වෙළෙඳසැල්, ආපණශාලා, ඖෂධ අලෙවිසැල්, නිමි ඇඳුම් වෙළෙඳසැල්, ජංගම දුරකතන හා විදුලි උපාංග අලෙවිසැල්, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැල් හා රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් ප්‍රධාන වශයෙන් විමර්ශනයට ලක් කර තිබෙනවා.

මේ වසරේදීත් පාරිභෝගිකයින් විසින් සිදුකර ඇති පැමිණිලිවලට කඩිනමින් පියවර ගන්නා බවත් උපාය දූතයන් මගින් වෙළෙඳුන් විසින් සිදු කරන වැරදි හඳුනාගෙන නීතිමය පියවර ගන්නා බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?