පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් (ඡායාරූප)

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා වන මූලික සාකච්ඡාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළට අදාළ මූලික සාකච්ඡාවට ආයතන කිහිපයක ම නියෝජිතයන් එක් ව සිටියා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින වටිනා ගෘහ නිර්මාණවල ඇති සංස්කෘතික සංකේතාත්මක බව, භූමි අලංකරණය සහ වටපිටාව, ඓතිහාසික සන්දර්භය සහ ජාතික අනන්‍යතාව යනාදී කරුණු හේතුවෙන් ඒවා අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා.

ඒවා අනාගත පරපුර සඳහා සංස්කෘතික සංකේතයක් ලෙස ආරක්ෂා කිරීම, නිර්මාණකරුවන්ට නිසි පිළිගැනීමක් ලබාදෙන අතර ම ඔවුන්ට හිමි කතෘ හිමිකම් ආරක්ෂා කිරීම මෙන් ම වාස්තු විද්‍යාත්මක හා කලාත්මක වටිනාකම්වලින් යුත් ව්‍යුහයන් විනාශ වීමට ඉඩ නොදී සංරක්ෂණය කිරීම උක්ත වැඩපිළිවෙළ මගින් අපේක්ෂිතයි.

මෙම සාකච්ඡාව සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික කලා මණ්ඩලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ඊනා ද සිල්වා භාරකාර අරමුදල, ජෙෆ්රි බවා භාරකාර අරමුදල, ජාතික ශිල්ප සභාව, හස්ත කර්මාන්ත මණ්ඩලය සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් නිලධාරීන් එක් ව සිටියා.

ඒ අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, සෙන්කෝලය, රිදී දොරටුව, තඹ දොරටුව, සිංහ දොරටුව සභා ගර්භයේ සීමාව, පිත්තල කොඩි 18, පොකුරු පහණ, රැස්වීම් ශාලාවේ සිවිලිම, තඹ දොර ඉදිරිපිට සිවිලිම, උත්සව ධජ 18, රේඛා චිත්‍ර, මන්ත්‍රී පිවිසුමේ ලී බිතුසිතුවම, කාර්ය මණ්ඩල ප්‍රවේශයේ බිතුසිතුවම්, ප්‍රභූ ආලින්දයේ සිතුවම්, මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික භෝජනාගාරයේ සිතුවම්, දෙවන මහලේ පොට්ට්‍රේට් ගැලරිය, බිම් මහලේ ඡායාරූප ගැලරිය සහ වෙනත් වැදගත් ඡායාරූප /චිත්‍ර මෙන්ම ප්‍රදර්ශන කුටියේ ඇති පුරාවස්තු සංරක්ෂණය කිරීමට යෝජිත යි.

Preservation of Architecture 20231127 3
Preservation of Architecture 20231127 4
Preservation of Architecture 20231127 5
Preservation of Architecture 20231127 6
Preservation of Architecture 20231127 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47