පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තවත් වැඩි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සඳහා උප පොලිස් පරීක්‍ෂකවයෙක් ඇතුළුව නිලධාරීන් හය (6) දෙනෙක් යෙදවන ලෙස ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා (මෙහෙයුම්) එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා.

ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් ඒකක වෙත සුදුසු නිලධාරීන් ලබාගැනීමට ප්‍රභූවරයා සමඟ සාකච්ඡා කර ලැයිස්තුවක් ලබාගන්නා ලෙසත් ආරක්‍ෂක නිලධාරීන් සදහා ප්‍රභූවරයා අකමැත්ත පළකරන්නේ නම් එය ලිඛිතව ලබාගන්නා ලෙසත් ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා වැඩි දුරටත් දැනුම්දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?