Empty Ad
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවක් සිදුකර නැහැ – දැනටමත් 35ක් ගෙවල් ඉල්ලලා (වීඩියෝ)

අලුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමක් සිදුකර නොමැති බවත් එම වරප්‍රසාද එම ආකාරයෙන්ම පවතින බවත් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර පවසනවා.

අද (29) මාධ්‍ය වෙත දක්වමින් මහ ලේකම්වරිය මේ බව සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස ඉල්ලා මන්ත්‍රීවරුන් 35 දෙනෙකු පමණ ඉල්ලුම්පත් යොමුකර ඇති බවයි ලේකම්වරිය මෙහිදී පැවසුවේ.

එමෙන්ම මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස අලුත්වැඩියා කිරීමෙන් පසු නිවාස 25ත් 30ත් අතර ප්‍රමාණයක් පාවිච්චියට ගත හැකි තත්ත්වයේ පවතින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඇති නිවාස වලින් නිවාස 108ක් මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කිරීමට නියමිත අතර, ඉන් 80ක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සසහ 28කල් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කරන බවයි ඇය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?