පාර්ලිමේන්තු පරිශ්‍රයේත් නත්තල් කැරොල් ගී ගැයේ (ඡායාරූප)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් අසිරිමත් නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් සංවිධානය කර තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ අද (25) දිනට සමගාමී ව කතානායකවරයාගේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය පාර්ලිමේන්තුවේ කාර්‍යය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද බවයි.

ඔවුන්ගේ සහ අනුබද්ධිත කාර්ය මණ්ඩලයන් හි සාමාජිකයන්ගේ දු දරුවන් සඳහා සංවිධානය කරන ලද මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

ඒ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරමින් පැමිණි අගරදගුරු පදවි, ඉඩම් සහ දේපළ සහාය පරිපාලක ක්‍රිෂ්නක ඩිලාන් පෙරේරා පියතුමාගේ ප්‍රධානත්වයෙන්.

සියලුම ජාතින් හා ආගම් අතර සමගිය හා සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම් හංස අබේරත්න මහතා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.

කැරොල් ගී ප්‍රසංගය ආරම්භ කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ සකස් කර තිබූ නත්තල් ගස ආලෝකවත් කිරීම සිදු කෙරුණා.

Christmas Carol 20241223 3
Christmas Carol 20241223 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21