පාර්ලි‍මේන්තු ගොඩනැගිල්ල අබලන් – ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ඇරඹෙයි

වසර 40ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මේ වන විට යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය බව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ මුදල් අමාත්‍යාංශ නියෝජිත හා මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව එම කඩිනම් ප්‍රතිසංස්කරණ හඳුනාගෙන එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

පාර්ලි‍මේන්තු ගොඩනැගිල්ල අබලන් වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වසර 40ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය පුදුමයට කාරණාවක් නොවන බවත්, මේ පිළිබඳව රජයේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
3
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?