logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පාර්ලිමේන්තුවේ කියන හැමදේම ප්‍රවෘත්ති කර නොගන්න – කතානායක මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලයි (ඡායාරූප)

‘පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සහ තත්කාලීන මාධ්‍ය භාවිතය’ පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවැත්වුණා.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක් ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න යන අය මෙම
අවස්ථාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මෙහි මුඛ්‍ය දේශනය ඉදිරිපත් කළා.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට අදාළ නෛතික තත්ත්වය පිළිබඳ විද්වත් මඩුල්ල සමග ප්‍රශ්න සහ පිළිතුරු සැසියක් ද පැවැත්වුණු අතර; පසුගිය කාලය පුරා විවිධ අවස්ථාවන්වල දී මාධ්‍යවේදීන් ආචාර ධර්ම හා වරප්‍රසාද කාරක සභාව වෙත කැඳවීමට සිදුවීම සහ ඉදිරියේදී එවැනි අවස්ථාවන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම මෙන්ම ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමයි මෙම වැඩසටහනේ අරමුණ වූයේ.

මෙහිදී අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ පාර්ලිමේන්තුවේ තොරතුරු සත්‍ය සහ නිවැරදි ලෙස
වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ ප්‍රමුඛතම වගකීමක් බවයි.

පාර්ලිමේන්තුවේ දී ඇතැම් පදනම් විරහිත, අසත්‍ය චෝදනා හුවමාරු වුව ද ඒ සියලු දෑ ප්‍රවෘත්ති ලෙස වාර්තා කිරීම කොයිතරම් දුරට සාධාරණ දැයි සිතා බැලිය යුතු බවත් කතානායකවරයා මෙහිදී සඳහන් කළා.

ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ වරප්‍රසාද ප්‍රශ්න 51 ක් වාර්තා වූ බවත් මෙම සභාවාරයේ වරප්‍රසාද ප්‍රශ්න 16ක් දැනට පවතින බවත් ය.

මින් වැඩි ප්‍රමාණයක් ජනමාධ්‍ය මගින් පළ වූ දේ සම්බන්ධව බවත් එබැවින් මාධ්‍ය සහ මහජන නියෝජිතයන් යන කොට්ඨාස ද්විත්ව‍යම නිසි අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බව ද මෙහිදී පෙන්වා දුන්නා.

198554c2 bb52 4568 841f 8727bc6b6ef5
883c9ec4 3870 43ae ba98 97238d4b0acb
612bb736 1866 4d44 bcfb 906bb5d9d234
874ac883 d180 483c ad14 d3f824d12df0
3acb9594 90fc 4256 b97a cb109b82d89c
5b9587e3 0ad5 4992 a000 9e684bd3af37
7fc12f27 5cd6 49be 9154 54628e9230f9
6de2bdd0 b570 47da 9621 28ae1e37fa58
Ethics Pri. Workshop 20240704 24
Ethics Pri. Workshop 20240704 23
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?