පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරාගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් නිර්දේශ කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන අවශ්‍ය නීති සම්පාදනය කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

එම නිර්දේශයන්ට අනුව මහ මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 165 දෙනෙකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරා පත් කර ගැනීමටත්, ඉතිරි මන්ත්‍රීවරුන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරා පත් කර ගැනීම සඳහා යෝජනා කර තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත්කරනු ලැබුවා.

4 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?