පාපැදි අනතුරින් අනූනවයෙන් දිවි ගලවාගත් සයිමන්

ලොවපුරා ජනප්‍රිය විදෙස් රූපවාහිනී තාරකාවක් මෙන්ම ව්‍යවසායකයෙකු වන Simon Cowell හදිසි අනතුරකට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුගේ විද්‍යුත් පා පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බවය.

සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සිය පා පැදිය ලිස්සා යාම හේතුවෙන් ඔහු විසිවී ගොස් මාර්ගයේ ඇදවැටී ඇති බවය.

පසුව එහි සිටි පුද්ගලයන් ඔහුව කඩිනමින් ගිලන් රථයක් නංවා රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇත.

එම අවස්ථාවේ ඔහු ආරක්‍ෂිත හිස් වැස්මක් හෝ පැලඳ නොසිටි බව වැඩිදුර වාර්තා සඳහන් කරයි.

අනතුරට ලක්වූ Simon Cowellගේ අතට සහ මුහුණට තුවාල සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අනතුරේ ඇති බිහිසුණු බව හේතුවෙන් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ “Simon Cowellට ජීවත් වීමේ වාසනාව තිබුණා” යනුවෙනි.

Simon Cowell මේ වනවිට 62 හැවිරිදි වියේ පසුවෙයි.

මීට පෙර අවස්ථාවක ද ඔහු මෙවැනි අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් අනතුරෙන් පසුවද ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් පා පැදිය අත්නොහරින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?