පාපැදි අනතුරින් අනූනවයෙන් දිවි ගලවාගත් සයිමන්

ලොවපුරා ජනප්‍රිය විදෙස් රූපවාහිනී තාරකාවක් මෙන්ම ව්‍යවසායකයෙකු වන Simon Cowell හදිසි අනතුරකට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුගේ විද්‍යුත් පා පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බවය.

සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සිය පා පැදිය ලිස්සා යාම හේතුවෙන් ඔහු විසිවී ගොස් මාර්ගයේ ඇදවැටී ඇති බවය.

පසුව එහි සිටි පුද්ගලයන් ඔහුව කඩිනමින් ගිලන් රථයක් නංවා රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇත.

එම අවස්ථාවේ ඔහු ආරක්‍ෂිත හිස් වැස්මක් හෝ පැලඳ නොසිටි බව වැඩිදුර වාර්තා සඳහන් කරයි.

අනතුරට ලක්වූ Simon Cowellගේ අතට සහ මුහුණට තුවාල සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අනතුරේ ඇති බිහිසුණු බව හේතුවෙන් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ “Simon Cowellට ජීවත් වීමේ වාසනාව තිබුණා” යනුවෙනි.

Simon Cowell මේ වනවිට 62 හැවිරිදි වියේ පසුවෙයි.

මීට පෙර අවස්ථාවක ද ඔහු මෙවැනි අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් අනතුරෙන් පසුවද ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් පා පැදිය අත්නොහරින බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26