AFC Banner
AFC Banner
Empty Ad

පාපැදියේ ගිය තරුණයාට ජීවිතය අහිමි කළ අනතුර

කල්මුණේ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේ ඊයේ (27) රාත්‍රියේ සිදු වූ අනතුරකින් 17 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාපැදියක ගමන් කරමින් සිටි තරුණයෙක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පාපැදිය දකුණු පසට හැරවීමට යාමේ දී එම දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටීමෙනුයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

ඔහු පොළොන්නරුව, සුංගාවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?