පාපන්දු ක්‍රීඩාවේ පළමු බිලියනපතියා වූ රොනාල්ඩෝ

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාවේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.

මූල්‍ය තොරතුරු සහ මාධ්‍ය සමාගමක් වන බ්ලූම්බර්ග් වාර්තා කරන්නේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 1.4ක් බවයි.

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ශුද්ධ වටිනාකම මත පදනම්ව ඔවුන්ගේ බාහිර නිරීක්ෂණය කරන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය, 40 හැවිරිදි රොනාල්ඩෝගේ ධනය පළමු වරට මෙලෙස තක්සේරු කර තිබෙනවා.

ඔහුගේ වැටුප් ආදායම 2002 සහ 2023 අතර කාලය තුළ ඔහු වැටුප් වශයෙන් ඩොලර් මිලියන 550කට වඩා උපයා ඇති බවයි වාර්තා වන්නේ.

දශකයක් පුරා ක්‍රියාත්මක වන ‘නයික්’ සන්නාමය සමඟ ඇති ගිවිසුමක් මඟින් වසරකට ඩොලර් මිලියන 18කට ආසන්න ආදායමක් ඔහුට හිමිවනවා.

2022 දී රොනාල්ඩෝ සෞදි ප්‍රෝ ලීගයේ අල්-නස්ර් සමාජයට සම්බන්ධ වූ විට, පාපන්දු ඉතිහාසයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවට පත් වුණා.

එහිදී ඔහුට හිමි වූ වාර්ෂික වැටුපපවුම් මිලියන 177ක්.

ඔහුගේ කොන්ත්‍රාත්තුව 2025 ජුනි මාසයේදී අවසන් වීමට නියමිතව තිබු අතර, රොනාල්ඩෝ විසින් තවත් වසර දෙකකට එම ගිවිසුම අලුත් කරනු ලැබුවා.

මෙම නව ගිවිසුම ඩොලර් මිලියන 400කට වඩා වටිනා බවට වාර්තා වූ අතර,, එමඟින් ඔහුගේ 42 වන උපන්දිනයෙන් පසුවත් ඔහුව එහි රඳවා ගනු ඇති.

රොනාල්ඩෝගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ආර්ජන්ටිනාවේ සහ ඉන්ටර් මියාමි ඉදිරිපෙළ ක්‍රීඩකයාවන ලයනල් මෙසී තම වෘත්තීය ජීවිතය තුළ බදු ගෙවීමට පෙර වැටුපෙන් ඩොලර් මිලියන 600කට වඩා උපයා ඇති බවයි බ්ලූම්බර්ග් පවසන්නේ.

වයස අවුරුදු 38 ක් වන මෙසී, 2023 සිට ඉන්ටර් මියාමිහිදී ඩොලර් මිලියන 20ක සහතික කළ වාර්ෂික වැටුපක් ලබනවා.

කෙසේ වෙතත් මෙම මුදල එම කාල සීමාව තුළ රොනාල්ඩෝගේ ආදායමෙන් 10%ක් පමණවන බවයි වාර්තා වන්නේ.

මෙසී විශ්‍රාම යන විට ඔහුට ඉන්ටර් මියාමි සමාජයේ කොටස් හිමිකමක් ද ලැබීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
3
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?