පාපන්දු ක්‍රීඩාවේ පළමු බිලියනපතියා වූ රොනාල්ඩෝ

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාවේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.

මූල්‍ය තොරතුරු සහ මාධ්‍ය සමාගමක් වන බ්ලූම්බර්ග් වාර්තා කරන්නේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 1.4ක් බවයි.

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ශුද්ධ වටිනාකම මත පදනම්ව ඔවුන්ගේ බාහිර නිරීක්ෂණය කරන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය, 40 හැවිරිදි රොනාල්ඩෝගේ ධනය පළමු වරට මෙලෙස තක්සේරු කර තිබෙනවා.

ඔහුගේ වැටුප් ආදායම 2002 සහ 2023 අතර කාලය තුළ ඔහු වැටුප් වශයෙන් ඩොලර් මිලියන 550කට වඩා උපයා ඇති බවයි වාර්තා වන්නේ.

දශකයක් පුරා ක්‍රියාත්මක වන ‘නයික්’ සන්නාමය සමඟ ඇති ගිවිසුමක් මඟින් වසරකට ඩොලර් මිලියන 18කට ආසන්න ආදායමක් ඔහුට හිමිවනවා.

2022 දී රොනාල්ඩෝ සෞදි ප්‍රෝ ලීගයේ අල්-නස්ර් සමාජයට සම්බන්ධ වූ විට, පාපන්දු ඉතිහාසයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවට පත් වුණා.

එහිදී ඔහුට හිමි වූ වාර්ෂික වැටුපපවුම් මිලියන 177ක්.

ඔහුගේ කොන්ත්‍රාත්තුව 2025 ජුනි මාසයේදී අවසන් වීමට නියමිතව තිබු අතර, රොනාල්ඩෝ විසින් තවත් වසර දෙකකට එම ගිවිසුම අලුත් කරනු ලැබුවා.

මෙම නව ගිවිසුම ඩොලර් මිලියන 400කට වඩා වටිනා බවට වාර්තා වූ අතර,, එමඟින් ඔහුගේ 42 වන උපන්දිනයෙන් පසුවත් ඔහුව එහි රඳවා ගනු ඇති.

රොනාල්ඩෝගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ආර්ජන්ටිනාවේ සහ ඉන්ටර් මියාමි ඉදිරිපෙළ ක්‍රීඩකයාවන ලයනල් මෙසී තම වෘත්තීය ජීවිතය තුළ බදු ගෙවීමට පෙර වැටුපෙන් ඩොලර් මිලියන 600කට වඩා උපයා ඇති බවයි බ්ලූම්බර්ග් පවසන්නේ.

වයස අවුරුදු 38 ක් වන මෙසී, 2023 සිට ඉන්ටර් මියාමිහිදී ඩොලර් මිලියන 20ක සහතික කළ වාර්ෂික වැටුපක් ලබනවා.

කෙසේ වෙතත් මෙම මුදල එම කාල සීමාව තුළ රොනාල්ඩෝගේ ආදායමෙන් 10%ක් පමණවන බවයි වාර්තා වන්නේ.

මෙසී විශ්‍රාම යන විට ඔහුට ඉන්ටර් මියාමි සමාජයේ කොටස් හිමිකමක් ද ලැබීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31