පාන් මිල රුපියල් 100ක් දක්වා අඩු කිරීමට සැලසුම්

පාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත හෙළීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ විවිධ බදු වර්ග සහ ඩොලරයේ අගය හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම සිදුවී ඇති බවයි.

තම සංගමයේ එකම බලාපොරොත්තුව පාන් ගෙඩියක මිල රුපියල් 100 හෝ ඊට අඩුවෙන් පවත්වාගෙන යාම බවයි එන්. කේ. ජයවර්ධන මහතා කියාසිටියේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මූලිකත්වයෙන් ඉදිරියේදී රජය සමග සාකච්ඡා කර ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 100ක පමණ මුදලකට ලබාදීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රජය මැදිහත් වන්නේ නම් අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් සියයක මුදලකට ලබාදීමට සහ බනිස් ගෙඩියකින් රුපියල් 10ක් හෝ 15ක් වැනි මුදලක් අඩු කිරීමට හැකියාව පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
20
+1
5
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?