පාට වෙනස් කල ගෑස් මුද‍්‍රාවෙනුත් වංචාවක්..? රතු මුද‍්‍රාව යටින් නිල් මුද‍්‍රාව

බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් (09) දින උදැසන මිල දි ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්‍රෝ ගැස් සිලින්ඩරය නිවසට රැගෙන ගොස් ලේබලය ගලවා ඉවත් කිරිමේදි රතු පැහැති ලේබලයට යටින්  සුදු පැහැති පරණ ලේබලය තිබු බව එම කාන්තාව පැවසිය.

ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන් නොමග යැවිමේ අරමුණින් එම සමාගම විසින් පැරණි ගැස් සිලින්ඩරයේ සුදු පැහැති ලේබලයට උඩින්  රතු පැහැති ලේබලය අලවා ඇති බවයි එම කාන්තාව කියා සිටියේ.

බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියොජිතයන් වෙත (09) දින එම සමාගම විසින් ගැස් සිලින්ඩර් තොග බෙදා හැරි අතර ,ඔහුන් සතු පැරණි ගැස් තොග වෙනත් දිනයක ලබා ගන්නා බවට සමාගම විසින් තමන්ට දැනුම් දුන් බවයි බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

ගැස් අලෙවිය තවදුරටත් අඩුව පවතින බව හැටන් සහ බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?