පාකිස්ථානය ලෝක කුසලානයෙන් එළියට දමන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හෝ නිලධාරීන් කුමන්ත්‍රණයක ?

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම අවසන් පූර්ව තරගයට පිවිසීම වැළක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හෝ නිලධාරීන් දැනුවත්ව කුමන්ත්‍රණයක් දියත්කර ඇති බවට පාකිස්ථාන මාධ්‍ය හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් චෝදනා කරන බව හිටපු අමාත්‍යවරයෙක්වන චන්න ජයසුමන පවසනවා.

නවසීලන්තය සමඟ පැවති තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය දෙස බැලීමේ දී ඕනෑම අයෙකුට පාකිස්ථාන මාධ්‍ය හා එරට හිටපු ක්‍රීඩකයින් එල්ල කරන චෝදනාව සාධාරණ බවට සැකසංකා ජනිත වන බවයි ඔහු පවසන්නේ.

සර්වජන බලය පක්ෂයේ අද (27) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී හිටපු අමාත්‍ය චන්න ජයසුමන මෙම අදහස් පළ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පාකිස්ථාන හිටපු ක්‍රීඩකයින් එල්ලකරන මෙම චෝදනාවේ සත්‍යද අසත්‍ය බව සොයා බැලීම සඳහා කඩිනමින් පැහැදිලි විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

“පාකිස්ථානය නියෝජනය කරපු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තරගය සම්බන්ධයෙන් අදහස් දැවීමක් කරලා තියනවා. ඔවුන් එකේදී කියන්නේ පාකිස්ථානය අවසන් පූර්ව තරගයට පිවිසීම වැළක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හෝ නිලධාරීන් දැනුවත්ව යම් කුමන්තරයක් සිදුවුණා කියන එක. බැලූ බැල්මට එම තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය බැලුවම ඕනෑම කෙනෙක්ට සැකසංකා ජනිත වෙනවා. කාසියේ වාසිය දිනගත්තාට පස්සේ පන්දුවට පහර දෙනවා වෙනුවට පන්දු රැකීමට තෝරාගත්තේ ඇයි කියන කරණය පිළිබඳව ලොකු විවේචනයක් ඇතිවෙලා තියනවා. නවසිසීලන්ත ක්‍රීඩකයින් ලකුණු 84කට කඩුලු 06ක් දැවීගිය අවස්ථාවේ දී එකදිගටම ෆුල්ටොස් පන්දු අසාමාන්‍ය විදියට ඔවුන්ට පිරිනමනු ලැබුවා. එත් එක්කම අපේ ක්‍රීඩකයින් අසාමාන්‍ය විදියට සුපුරුදු පහරවල්වලින් පරිභාහිරව දැවීයාම සඳහාම ඇතැම් පහරවල් එල්ල කළ බව බැලූ බැල්මට පෙනෙන්න තිබුණා. මේ පාකිස්ථාන ක්‍රීඩකයින් එල්ලකරන චෝදනාව සත්‍යද කියලා සොයා බලන්න කඩිනමින් පැහැදිලි විමර්ශනයක් කළ යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
46
+1
16
+1
4
+1
2
+1
28
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54
Video thumbnail
රාජිත ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:51
Video thumbnail
මේ කෝටි 10000ක හොරකමට ආණ්ඩුව වගකියන්න ඕනේ
09:34
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28