කරච්චි හි ඇමරිකානු තානාපති කාර්යාලය අසල ඇති වූ කෝලාහලවලින් පුද්ගලයින් හයදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්තානයේ කරච්චි නුවර එක්සත් ජනපද තානාපති කාර්යාලයට කඩා වැදීමට පිරිසක් උත්සාහ ගත අවස්ථාවේ එම විරෝධතාකරුවන් පිරිස විසුරුවා හැරීමේදී කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
Update – Sunday, March 01, 2026, 1.42PM
————————————————————————————
පාකිස්ථානයේ ඇමරිකානු තානාපති කාර්යාලයට පිරිසක් කඩා වැදීමේ උත්සාහයක්
පාකිස්ථානයේ කරච්චි නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදීමට විරෝධතාකරුවන් පිරිසක් උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තානාපති කාර්යාලයේ ජනෙල් කඩාබිඳ දමා ගිනි තබන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඉරානයේ අධ්‍යාත්මික නායක කමේනිගේ ඝාතනය විරෝධය දක්වමින් විරෝධතාකරුවන් මෙලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.













