පාකිස්තාන රජය අන්තර්ජාල සීමා දැඩි කරයි

පාකිස්තාන රජය එරට අන්තර්ජාල භාවිත කරන්නන් සම්බන්ධයෙන් සිය පාලනය දැඩි කරමින් සිටිනවා.

පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය (PTA) X හෙවත් Twitter සහ අනෙකුත් සමාජ මාධ්‍ය අඩවි වැනි දැනටමත් තහනම් කර ඇති අතර අතථ්‍ය පුද්ගලික ජාල (VPN) භාවිතා කිරීම ද මර්දනය කරනවා.

පාකිස්තානයේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටළු උපුටා දක්වමින් PTA මෑතකදී අන්තර්ජාල ගමනාගමනය නියාමනය කිරීම සඳහා ‘ෆයර්වෝල්’ එකක් ස්ථාපිත කළා.

ජුලි මාසයේදී සිදු කරන ලද ෆයර්වෝල් හි පළමු අත්හදා බැලීමත් සමග මන්දගාමී බ්‍රවුස් කිරීමේ වේගය, සමාජ මාධ්‍ය වේදිකා අත්තනෝමතික ලෙස අවහිර කිරීම වැනි ගැටළුවලට හේතු වුණා.

පකිස්තාන මෘදුකාංගකරුවන්ගේ සංගමයට (P@SHA) අනුව, ජාතික ෆයර්වෝල් ක්‍රියාවට නැංවීම සමග සිදු වූ අන්තර්ජාල බාධා කිරීම් හේතුවෙන් රටේ ආර්ථිකයට ඩොලර් මිලියන 300ක් දක්වා අහිමි විය හැකි බවට ගණන් බලා තිබෙනවා.

පාකිස්තානයේ අන්තර්ජාල වේගය සියයට 30 ත් 40 ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බැවින් බොහෝ ව්‍යවසායකයින් දැන් පකිස්ථානය හැර යාමට සැලසුම් කර ඇතැයි සඳහන්.

විශ්ලේෂකයින් තර්ක කරන්නේ නව ෆයර්වෝලයට සැබෑ ආරක්ෂිත අගයක් නොමැති අතර එය මූලික වශයෙන් පකිස්ථානයේ දේශපාලන අදහස් පාලනය සඳහා වූ මෙවලමක් බවයි.

හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර්, පකිස්ථානයේ “අරාජිකත්වය” පතුරුවා හැරීමේ මෙවලමක් ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන බවට අනතුරු ඇඟවූවා.

පාකිස්තානයේ සමාජ මාධ්‍ය වේදිකාවල හමුදා විරෝධී අන්තර්ගතයන් ගලායාම පාලනය කිරීමට ආරක්ෂක ඒජන්සි අරගල කරමින් සිටිනවා.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් ගෝලීය සන්නිවේදන ආරක්ෂාව සම්බන්ධයෙන් නරකම රටවල් අතරට පාකිස්තානය ශ්‍රේණිගත කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?