පාකිස්තානය පැරදවීමට එංගලන්තයට තවත් ලකුණු 242ක් අවශ්‍යයි

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායම තවත් ලකුණු 242ක් ලබාගත යුතු වනවා.

මෙම තරගයේ සිව්වැනි දිනය මේ වනවිට (18) මුල්තාන් නුවර දී ආරම්භ වී ඇති අතර දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින එංගලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 55ක් ලබා සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක ෂාන් මසූඩ් පළමුව පිතිකරණය තෝරාගත්තා.

ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් ම දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 366ක්.

එහිදී කම්‍රරන් ගුලාම් ලකුණු 118ක් සහ සයිම් අයුබ් ලකුණු 77ක් රැස් කරගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ජැක් ලීච්ගෙන් කඩුලු 04ක් ද, බ්‍රයිඩන් කාර්ස් කඩුලු 03ක් ද, පොට්ස් කඩුලු 02ක් සහ බෂීර්ගෙන් එක් කඩුල්ලක් ද හිමිවුණා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා රැස් කළේ ලකුණු 291ක් පමණයි.

එංගලන්තයට වඩා ලකුණු 75කින් සිය පළමු ඉනිමෙන් ඉදිරියේ සිටිමින් පාකිස්තානය සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹූ අතර ඔවුන් සියලුදෙනා ලකුණු 221ක් ලබා සිටියදී දවාගන්නට එංගලන්තය සමත් වුණා.

ඒ අනුව එංගලන්තයට පාකිස්තානය පැරදවීමට හිමි වූ ඉලක්කය ලකුණු 298ක්.

අද තරගයේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ හැරී බෘක් සමගින් ස්ටොක්ස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33