වඩා හොඳ වැටුපක් සහ යෝජිත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ආපසු හරවන ලෙස බලකරමින් පාකිස්තාන රාජ්‍ය සේවකයන් විරෝධතා ආරම්භ කර තිබෙනවා.
‘ද ඩෝන්’ පුවත්පත වාර්තා කළේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති 100ක පමණ නියෝජිතයන් මෙම විරෝධතා සඳහා එක්ව සිටි බවයි.
ඩෝන් පුවත්පතට අනුව, වෘත්තීය සමිති සාමාජිකයින් නිවාස කුලිය, වෛද්‍ය සහ ප්‍රවාහන දීමනා සියයට 200 කින් වැඩි කරන ලෙස ඉල්ලා සිටි අතර, එය 2020 දී වැටුප් හා විශ්‍රාම වැටුප් කමිටුව විසින් කරන ලද නිර්දේශ පිළිබිඹු කරන ඉල්ලීමක්.
ඉස්ලාමාබාදයේ දී මෙන්ම සෙසු ප්‍රධාන නගරවල දී මෙම විරෝධතා පැවැත්වුණා.
පෙබරවාරි 10 වැනිදා වන විට ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් පාර්ලිමේන්තුව ඉදිරිපිට අඛණ්ඩ විරෝධතා ආරම්භ කරන බවට ඔවුන් රජයට අනතුරු අඟවනවා.