Empty Ad
AFC Banner
Empty Ad

පාකිස්තානයේ ණය බර රුපියල් බිලියන 79,731ක් වෙයි

2027 වනවිට ෆෙඩරල් අයවැයේ පළාත්වල කොටස 39.4% සිට 48.7%ක් දක්වා එරට රජයෙන් ඉහළට දමයි.

තෙවසරක ආර්ථික සැලැස්මක් ලෙස ෂෙහ්බාස් ෂරීෆ්ගේ ආණ්ඩුව මෙය එළිදක්වා ඇත. එමගින් පාකිස්තාන මුළු ණය ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇති.

2027 වන විට ෆෙඩරල් අයවැයේ පළාත්වල කොටස සියයට 39.4 සිට සියයට 48.7 දක්වා වැඩි කිරීම අරමුණු කරගත් තෙවසරක ආර්ථික සැලැස්මක් ෂෙහ්බාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන රජය එළිදක්වා තිබෙනවා.

වත්මන් මූල්‍ය වර්ෂය අවසන් වන විට මුළු ණය ප්‍රමාණය පාකිස්තාන රුපියල් බිලියන 79,731 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.

දේශීය ණය දළ වශයෙන් බිලියන 7,671 කින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන අතර විදේශ ණය බිලියන 818 කින් ඉහළ යනු ඇති.

නැවත මූල්‍යකරණය සහ පොලී අනුපාත අවදානම් කළමනාකරණය ඇතුළුව ණය බර අඩු කිරීමට කටයුතු කරන බව පකිස්ථාන රජය ප්‍රකාශ කර තිබෙනවා

මීට පෙර, පකිස්ථානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වසර තුනක, ඇමරිකානු ඩොලර් බිලියන 7 ක ආධාර පැකේජ ගනුදෙනුවකට එළඹුණා.

අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතු නව වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයකට අනුව, “සාර්ව ආර්ථික ස්ථායිතාව තහවුරු කිරීමට සහ ශක්තිමත්, සහ ඔරොත්තු දෙන වර්ධනය සඳහා කොන්දේසි නිර්මානය කිරීමට” පාකිස්තානයට හැකි විය යුතුයි.

වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු මාස 11 තුළ පකිස්තාන රජය විසින් ලබා ගත් ණය පෙර මූල්‍ය වර්ෂ දෙකේ ඒකාබද්ධ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇති බව ඩෝන් වාර්තා කරනවා.

2023 ජූලි සිට 2024 ජූනි දක්වා පාකිස්තා රුපියල් ට්‍රිලියන 7.39ක් වූ මෙම අධික ණය ගැනීම, පෙර මූල්‍ය වර්ෂ දෙකේදී (FY23 සහ FY22) පාකිස්තාන රුපියල් ට්‍රිලියන 7.16ක් වූ සාමූහික ණය ගැනීම් ඉක්මවා යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?