පාකිස්තානයේ ණය බර රුපියල් බිලියන 79,731ක් වෙයි

2027 වනවිට ෆෙඩරල් අයවැයේ පළාත්වල කොටස 39.4% සිට 48.7%ක් දක්වා එරට රජයෙන් ඉහළට දමයි.

තෙවසරක ආර්ථික සැලැස්මක් ලෙස ෂෙහ්බාස් ෂරීෆ්ගේ ආණ්ඩුව මෙය එළිදක්වා ඇත. එමගින් පාකිස්තාන මුළු ණය ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇති.

2027 වන විට ෆෙඩරල් අයවැයේ පළාත්වල කොටස සියයට 39.4 සිට සියයට 48.7 දක්වා වැඩි කිරීම අරමුණු කරගත් තෙවසරක ආර්ථික සැලැස්මක් ෂෙහ්බාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන රජය එළිදක්වා තිබෙනවා.

වත්මන් මූල්‍ය වර්ෂය අවසන් වන විට මුළු ණය ප්‍රමාණය පාකිස්තාන රුපියල් බිලියන 79,731 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.

දේශීය ණය දළ වශයෙන් බිලියන 7,671 කින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන අතර විදේශ ණය බිලියන 818 කින් ඉහළ යනු ඇති.

නැවත මූල්‍යකරණය සහ පොලී අනුපාත අවදානම් කළමනාකරණය ඇතුළුව ණය බර අඩු කිරීමට කටයුතු කරන බව පකිස්ථාන රජය ප්‍රකාශ කර තිබෙනවා

මීට පෙර, පකිස්ථානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වසර තුනක, ඇමරිකානු ඩොලර් බිලියන 7 ක ආධාර පැකේජ ගනුදෙනුවකට එළඹුණා.

අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතු නව වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයකට අනුව, “සාර්ව ආර්ථික ස්ථායිතාව තහවුරු කිරීමට සහ ශක්තිමත්, සහ ඔරොත්තු දෙන වර්ධනය සඳහා කොන්දේසි නිර්මානය කිරීමට” පාකිස්තානයට හැකි විය යුතුයි.

වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු මාස 11 තුළ පකිස්තාන රජය විසින් ලබා ගත් ණය පෙර මූල්‍ය වර්ෂ දෙකේ ඒකාබද්ධ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇති බව ඩෝන් වාර්තා කරනවා.

2023 ජූලි සිට 2024 ජූනි දක්වා පාකිස්තා රුපියල් ට්‍රිලියන 7.39ක් වූ මෙම අධික ණය ගැනීම, පෙර මූල්‍ය වර්ෂ දෙකේදී (FY23 සහ FY22) පාකිස්තාන රුපියල් ට්‍රිලියන 7.16ක් වූ සාමූහික ණය ගැනීම් ඉක්මවා යනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09