AFC Banner
Empty Ad
Empty Ad

ලාංකික කළමනාකරුට පහරදී ඝාතනය කළ සිය දෙනෙකු අත්අඩංගුවට

ඉතා අමානුෂීය අයුරින් ශ්‍රී ලාංකිකයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු සැකකරුවන් 100කට අධික පිරිසක් අද දිනයේදී අත්අඩංගුවට ගත් බව පකිස්ථානයේ පන්ජාබ් පොලිසිය පවසනවා.

මේ අතර පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ ලාංකික කළමනාකරුට එල්ලවූ ප්‍රහාරය ඉතා බිහිසුණු මෙන්ම එය තමන් දැඩි සේ හෙළා දකින බවයි. මේ අතර අද දිනය පාකිස්තානයට ලැජ්ජා සහගත දිනයක් ලෙස ද අගමැති ඉම්රාන් ඛාන් සිය ට්විටර් සටහනේ සඳහන් කර තිබෙනවා.

සියල්කොට් හි වසිරාබාද් පාරේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකව ආගමිකත්වයට අපහාස කිරීමේ චෝදනා එල්ල කරමින් මෙම මැරයින් විසින් වධහිංසා පමුණුවා මරා දැමීමට හේතුව ලෙස සඳහන් වන්නේ.

ලාංකික කළමනාකරු සේවය කරනු ලබන කර්මාන්ත ශාලාවේ සේවකයින් විසින්ම ඔහුට දරුණු ලෙස පහර දී ඇති අතර, එය ඔහුගේ මරණයට හේතු වි ඇති බවයි එරට පොලිසිය සඳහන් කර සිටියේ.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු සේවකයින් විසින් කර්මාන්ත ශාලාවට ද හානි කර මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා කළ බවයි පොලිසිය පවසන්නේ.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?