ලාංකික කළමනාකරුට පහරදී ඝාතනය කළ සිය දෙනෙකු අත්අඩංගුවට

ඉතා අමානුෂීය අයුරින් ශ්‍රී ලාංකිකයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු සැකකරුවන් 100කට අධික පිරිසක් අද දිනයේදී අත්අඩංගුවට ගත් බව පකිස්ථානයේ පන්ජාබ් පොලිසිය පවසනවා.

මේ අතර පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ ලාංකික කළමනාකරුට එල්ලවූ ප්‍රහාරය ඉතා බිහිසුණු මෙන්ම එය තමන් දැඩි සේ හෙළා දකින බවයි. මේ අතර අද දිනය පාකිස්තානයට ලැජ්ජා සහගත දිනයක් ලෙස ද අගමැති ඉම්රාන් ඛාන් සිය ට්විටර් සටහනේ සඳහන් කර තිබෙනවා.

සියල්කොට් හි වසිරාබාද් පාරේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකව ආගමිකත්වයට අපහාස කිරීමේ චෝදනා එල්ල කරමින් මෙම මැරයින් විසින් වධහිංසා පමුණුවා මරා දැමීමට හේතුව ලෙස සඳහන් වන්නේ.

ලාංකික කළමනාකරු සේවය කරනු ලබන කර්මාන්ත ශාලාවේ සේවකයින් විසින්ම ඔහුට දරුණු ලෙස පහර දී ඇති අතර, එය ඔහුගේ මරණයට හේතු වි ඇති බවයි එරට පොලිසිය සඳහන් කර සිටියේ.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු සේවකයින් විසින් කර්මාන්ත ශාලාවට ද හානි කර මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා කළ බවයි පොලිසිය පවසන්නේ.

No description available.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54