Empty Ad
Empty Ad
AFC Banner

ප්‍රියන්ත කුමාර ආරක්ෂා කිරීමට, ජීවිතය නොතකා උත්සහ ගත් අද්නාන් මලික්

පකිස්ථානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ආරක්ෂා කර ගැනීම සඳහා සිය ජීවිතය ද නොතකා ඉදිරියට පැමිණි අද්නාන් මලික් පිළිබඳව මේ වන විට ලෝකයේ අවධානය යොමුවී තිබේ.

ඔහු පිළිබඳව වැඩි දෙනෙකුගේ අවධානය යොමුවූයේ, ඔහුට පකිස්ථානයේ නිර්භීතකම සඳහා වන ඉහළ ම සිවිල් සම්මානයක් වන Tamgha i Shujaat සම්මානය පිරිනැමීමට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා තීරණය කිරීම ත් සමග ය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉම්රාන් ඛාන් මහතා සඳහන් කර ඇත්තේ, අද්නාන් මලික් මහතා ප්‍රියන්ත කුමාර මහතාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා සිය ජීවිතය ගැන පවා නොතකා ක්‍රියා කර ඇති බව ය.

අද්නාන් මලික් මහතා රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ ප්‍රියන්ත කුමාර මහතා සමග සේවය කළ අයෙකි.

මේ අතර, අද්නාන් මලික් මහතා ප්‍රියන්ත කුමාර මහතාට පහර දීමට එක්රැස්ව සිටි පිරිස අතරට ගොස් තත්ත්වය සමනය කිරීමට දරන උත්සහය දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට යූටියුබ් වෙත මුදා හැර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
120
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමගි ජන බලවේගයේ මහලේකම් පා.ම රංජිත් මද්දුමබණ්ඩාර සමඟ දසත ප්‍රහාරය සජීවීව
00:00
Video thumbnail
අභියාචනාධිකරණ විනිසුරුට එරෙහි විශ්වාස භංගයට අත්සන් තබයි - ඉල්ලා අස්වෙන්න අපි ක්‍රියාමාර්ග ගන්නවා
01:20
Video thumbnail
මහින්දගේ ගේ ගැන JVP ලේකම් කට අරියි
47:39
Video thumbnail
ඇමති නලින්ද කොරවුණ ප්‍රශ්නය - අපි 03ක් තියාගනන්වා
01:57
Video thumbnail
චූදිතයන්ට බීපු කිරි මතක් වෙන්නම නලින්ද දුන්න උත්තරය
02:58
Video thumbnail
මාව ඇවිත් අත්අඩංගුවට ගන්නකෝ - මේ ඉන්නේ මම - අර්චුනා රතු එළි දල්වයි
14:58
Video thumbnail
කියනකන් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ
04:26
Video thumbnail
CID එකෙන් එළියට ආපු මනූෂ ආණ්ඩුවේ පලු අරියි
13:13
Video thumbnail
ජනාධිපතිතුමා ඩමියක්, සියල්ල කරන්නේ ටිල්වින් සිල්වා
06:03
Video thumbnail
මහින්ද රාජපක්ෂව එළියට දැම්මොත් කාන්තාවෝ පාරට බහිනවා
05:45

?