AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රභාකරන් හිටියා නම් පොරගෙනුත් ණයක් ගන්නවා මේ ආණ්ඩුව….

ප්‍රභාකරන් ජීවත්ව සිටියා නම් මෙම ආණ්ඩුව ඔහුගෙන් ද ඩොලර් ණයක් ගනු ඇතැයි හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, රටෙන් කොටසක් ප්‍රභාකරන්ට ලබා දී හෝ ඩොලර් ණයක් ලබා ගැනීමට මෙම ආණ්ඩුව කටයුතු කිරීමට ඉඩ තිබූ බව ය.

මෙම ආණ්ඩුවට කොළඹ නගරය තුළ විකිණීමට තවත් ඉතිරිව ඇත්තේ, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ඊළඟට පාර්මේන්තුව පමණක් යැයි විජයමුණි මහතා පැවසී ය.

”එබැවින් කරුණාකරලා යන්න කලින් මේ තුනක් විකුණාලා දාපල්ලා. එතකොට දෙයියනේ කියලා සියලු දොස් නිවාරණයි,” යැයි ඊයේ පැවති (දෙසැ. 30) මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

“ගෑස් නෑ, තෙල් නෑ. කිරිපිටි නෑ. ලයිට් කපනවා. සිමෙන්ති නෑත හාල් නෑ. සීනිවලින් හොරා කෑවා. දැන් කරන්න තියෙන්නේ අර හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැහුවා වගේ පොඩි එකාගේ බඩට. අද සාගතයකට අත වැනුවා වගේ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ මොකක් ද? දෙයියනේ කියලා විකුණනවා නම් ජනාධිපති මන්දිරය, ඊළඟට අරලියගහ මන්දිරය, ඊළඟට පාර්මේන්තුව. ඔන්න කොළඹ ඉතිරි වෙලා තියෙන්නේ මේ තුන විතරයි. කරුණාකරලා යන්න කලින් මේ තුනක් විකුණාලා දාපල්ලා. එතකොට දෙයියනේ කියලා සියලු දොස් නිවාරණයි. බඩු ම තමයි ඉතින්. බයි මහත්තුරුන්ට සැපයිනේ දැන්. 

මම කියන්නේ ප්‍රභාකරන් හිටියා නම් අනිවාර්යයෙන් මේ ආණ්ඩුව ප්‍රභාකරන් ගෙන් ඉල්ලනවා ඩොලර් ණයක්. කතා දෙකක් නෑ. අනේ මචෝ අපට මේ වෙලාවේ අමාරුයි. උඹ කීයක් හරි දීපන්. මේ රටෙන් කෑල්ලක් හරි දෙන්නම් කියලා හරි අනිවාර්යයෙන් ඒ වැඩේ කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?