ප්‍රභාකරන් හිටියා නම් පොරගෙනුත් ණයක් ගන්නවා මේ ආණ්ඩුව….

ප්‍රභාකරන් ජීවත්ව සිටියා නම් මෙම ආණ්ඩුව ඔහුගෙන් ද ඩොලර් ණයක් ගනු ඇතැයි හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, රටෙන් කොටසක් ප්‍රභාකරන්ට ලබා දී හෝ ඩොලර් ණයක් ලබා ගැනීමට මෙම ආණ්ඩුව කටයුතු කිරීමට ඉඩ තිබූ බව ය.

මෙම ආණ්ඩුවට කොළඹ නගරය තුළ විකිණීමට තවත් ඉතිරිව ඇත්තේ, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ඊළඟට පාර්මේන්තුව පමණක් යැයි විජයමුණි මහතා පැවසී ය.

”එබැවින් කරුණාකරලා යන්න කලින් මේ තුනක් විකුණාලා දාපල්ලා. එතකොට දෙයියනේ කියලා සියලු දොස් නිවාරණයි,” යැයි ඊයේ පැවති (දෙසැ. 30) මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

“ගෑස් නෑ, තෙල් නෑ. කිරිපිටි නෑ. ලයිට් කපනවා. සිමෙන්ති නෑත හාල් නෑ. සීනිවලින් හොරා කෑවා. දැන් කරන්න තියෙන්නේ අර හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැහුවා වගේ පොඩි එකාගේ බඩට. අද සාගතයකට අත වැනුවා වගේ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ මොකක් ද? දෙයියනේ කියලා විකුණනවා නම් ජනාධිපති මන්දිරය, ඊළඟට අරලියගහ මන්දිරය, ඊළඟට පාර්මේන්තුව. ඔන්න කොළඹ ඉතිරි වෙලා තියෙන්නේ මේ තුන විතරයි. කරුණාකරලා යන්න කලින් මේ තුනක් විකුණාලා දාපල්ලා. එතකොට දෙයියනේ කියලා සියලු දොස් නිවාරණයි. බඩු ම තමයි ඉතින්. බයි මහත්තුරුන්ට සැපයිනේ දැන්. 

මම කියන්නේ ප්‍රභාකරන් හිටියා නම් අනිවාර්යයෙන් මේ ආණ්ඩුව ප්‍රභාකරන් ගෙන් ඉල්ලනවා ඩොලර් ණයක්. කතා දෙකක් නෑ. අනේ මචෝ අපට මේ වෙලාවේ අමාරුයි. උඹ කීයක් හරි දීපන්. මේ රටෙන් කෑල්ලක් හරි දෙන්නම් කියලා හරි අනිවාර්යයෙන් ඒ වැඩේ කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10