AFC Banner
Empty Ad
Empty Ad

ප්ලාස්ටික් නිෂ්පාදන රැසකට තහනමක්

එක් වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය සහ අලෙවියට පැනවූ තහනම ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, බීම බට, යෝගට් කෝප්ප සහ හැඳි මෙන්ම ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි, පැදුරු, මල්මාලා ඇතුළු නිෂ්පාදන රට තුළ තහනම් වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පරිසර අමාත්‍යාංශය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදී තනි භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය ආනයනය, නිෂ්පාදනය, විකිණීම සහ බෙදා හැරීම තහනම් කර තිබුණා.

ජූනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත සහ කෙටිකාලීන භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට රජය පියවර ගත්තා.

මේ අනුව මෙම නිෂ්පාදන මෙරට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර එම නියෝග කඩකරන්නන්ට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධානවලට අනුව නීතිය ක්‍රියාත්මක කරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?