ප්ලාස්ටික් නිෂ්පාදන රැසකට තහනමක්

එක් වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය සහ අලෙවියට පැනවූ තහනම ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, බීම බට, යෝගට් කෝප්ප සහ හැඳි මෙන්ම ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි, පැදුරු, මල්මාලා ඇතුළු නිෂ්පාදන රට තුළ තහනම් වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පරිසර අමාත්‍යාංශය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදී තනි භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය ආනයනය, නිෂ්පාදනය, විකිණීම සහ බෙදා හැරීම තහනම් කර තිබුණා.

ජූනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත සහ කෙටිකාලීන භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට රජය පියවර ගත්තා.

මේ අනුව මෙම නිෂ්පාදන මෙරට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර එම නියෝග කඩකරන්නන්ට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධානවලට අනුව නීතිය ක්‍රියාත්මක කරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36