ප්‍රිගොෂින් ඇත්තටම මිය ගියා ද ? – වැග්නර් හමුදාවේ අනාගතය අවදානමක

වැග්නර් කුලී හමුදා ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගිය බවට අනුමාන කෙරෙන ජෙට් යානය කඩා වැටුණු ස්ථානයෙන් මළ සිරුරු 10ක් සහ ගුවන් රෙකෝඩර සොයා ගත් බව රුසියාව පවසනවා.

ඒ, අනුව විමර්ශකයෝ පවසන්නේ අණුක-ජාන පරීක්ෂණ මේ වනවිට සිදුකරමින් පවතින් බවයි.

බෝම්බයක් හෝ මිසයිල ප්‍රහාරයකින් පසුගිය බදාදා යෙව්ගනි ප්‍රිගොෂින් ගමන්ගත් ජෙට් යානය පසුගිය බදාදා මොස්කව් අසලදී කඩා වැටුණා.

යානය කඩා වැටීමට පෙර ඉහළ අහසේ දී එය විශාල පිපුරුමකට ද ලක්ව ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

මේ අතර ප්‍රිගොෂින් ඝාතනය කිරීමට ක්‍රෙම්ලිනය නියෝගයක් ලබා දුන් බවට කරන ප්‍රකාශය “සම්පූර්ණ බොරුවක්” බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශකයා මීට පෙර විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.

ප්‍රිගොෂින් වරක් ගෙවුණු ජූනි මාසයේදී ඔහුගේ කුලී හේවායන් විසින් සන්නද්ධ කැරැල්ලක් ද මෙහෙයවනු ලැබුවා.

එවකට රුසියානු ජනාධිපති පුටින් එම කැරැල්ල “ද්‍රෝහීකමක්” ලෙසින් විස්තර කළා.

නමුත් පසුව වැග්නර් කුලී හේවායන්ට රුසියාවේ සාමාන්‍ය හමුදාවට බැඳීමට හෝ මොස්කව්හි සගයා වන බෙලාරුස් වෙත යාමට ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පසු කැරැල්ල නවතා දැමුණා.

එසේ වුවද, කැරැල්ලෙන් පසුව, බොහෝ නිරීක්ෂකයින් 62 හැවිරිදි ප්‍රිගොෂින් සම්බන්ධයෙන් විස්තර කළේ “ඇවිදින මළ මිනිසෙකු” ලෙසයි.

රුසියානු ජනාධිපතිවරයා කිසි විටෙකත් වැග්නර් ලොක්කාට සමාව නොදෙන බවට තර්ක කිරීමක් ද සිදුකරනු ලැබුවා.

ඊයේ මාධ්‍යවේදීන් සමඟ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර, ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් බීබීසීයට පැවසුවේ බදාදා රුසියානු අගනුවරට වයඹ දෙසින් පිහිටි ට්වර් ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරෙන් පුද්ගලයන් 10 දෙනාගේම “ඛේදනීය” මරණ පිළිබඳව “බොහෝ අනුමාන” ඇති බවයි.

ප්‍රිගොෂින් සහ ඔහුගේ දකුණු අත දිමිත්‍රි උට්කින් මෙන්ම තවත් මගීන් පස් දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ද Embraer Legacy 600 ජෙට් යානයේ සිටි බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ප්‍රිගොෂින් අනිවාර්යයෙන්ම බිම හෙළන ලද ගුවන් යානයේ සිටි බවට ක්‍රෙම්ලිනයට තහවුරු කර ඇති බව පලවන වාර්තා දිමිත්‍ පෙස්කොව් මෙහිදී ප්‍රතික්ෂේප කළා.

මේ අතර යෙව්ගනි ප්‍රිගොෂින්ගේ අනුමාන මරණය හේතුවෙන් වැග්නර් හමුදාවේ අනාගතය ද සැකයට භාජනය වී තිබෙනවා.

සිකුරාදා බෙලාරුස් නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පැවසුවේ වැග්නර් ප්‍රහාරක රථ 10,000ක් දක්වා රට තුළ දිගටම රැඳී සිටින බවයි.

කෙසේ වෙතත් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ, ක්‍රෙම්ලිනයේ තීරණය ලබා ගන්නා බවයි බොහෝ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53