නාරම්මල – කටුපොත මාර්ගයේ අබහේන්වැව ප්‍රදේශයේ දී අධිකවේගයෙන් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක පිටුපස ටේලර් කොටස ගැලවී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයෙක් ඊට යට වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (14) සිදුවූ මෙම අනතුරෙන් එහි ගමන්ගත් තවත් පුද්ගලයින් හයදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පැවසුවේ කුලියාපිටිය ප්‍රාදේශය සභාවට අයත් ට්‍රැක්ටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
ප්‍රාදේශීය සභාවේ සේවකයින් පිරිසක් රැගත් මෙම ට්‍රැක්ටර් රථය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් වංගුවක දී ටේලර් කොටස ගැලවී මාර්ගයෙන් ඉවතට පෙරළී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කෝදුරුවාපොල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වුණේ.
අනතුරෙන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.




