ප්‍රසන්න රණතුංග ගොනු කළ ඇපෑල විභාගයට ගැනීමට දින දෙයි

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනය ජුනි මස 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටු කරදීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුවේ චෝදනාවන්ට වරදකරු කෙරුණු තමන්ට, කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙන අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් අහෝසි කර එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති බවයි.

මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඒ අභියාචනය ඊයේ (05) කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඊයේ නඩු විභාග කටයුතුවලට නොපැමිණි හෙයින් මෙම අභියාචනය පිළිබඳ විභාගය ජුනි මස 16 වැනිදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල නියෝග කළා.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දීම වෙනුවෙන් ජී. මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ගොනුකර තිබූ නඩුවේ චෝදනා කීපයකට වරදකරු කෙරුණු ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 2ක සිරදඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබුණා.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් ද මහාධිකරණය විසින් හිටපු අමාත්‍යවරයාට නියම කරනු ලැබුවා.

අදාළ චෝදනාවලට තමන්ව වරදකරු කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බව ඇපෑලක් ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් එම තීන්දුව බල රහිත කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු අමාත්‍යවරයා සිය ඇපෑල තුළින් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26