ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේම්කීර්ති ද අල්විස්ගේ ඝාතනය ගැන හඩ්සන් සමරසිංහ වන්දි ඉල්ලයි

මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණයට තමා සම්බන්ධ බවට ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දී සිදු කරන ලද අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් තම කීර්ති නාමයට විශාල හානියක් සිදු වී ඇති බැවින් එයට වන්දි ලෙස රුපියල් මිලියන 500ක වන්දියක් අය කරදෙන ලෙසට ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු මෙන් ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා හමුවේ නඩුවක් ගොනු කරමින් ඉල්ලා සිටිනවා.

අද (18) දින ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතාගේ මෙහෙයවීම යටතේ හඩ්සන් සමරසිංහ මහතා අද දින අධිකරණය හමුවේ පැමිණිල්ලේ සාක්ෂි ලබාදෙමින් මෙම ඉල්ලීම සිදු කළා.

ඒ අනුව තමන් විසින් අධිකරණය හමුවේ පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති ලේඛන හා සාක්ෂිකාරය විසින් ප්‍රකාශ කරන ලද එම අසත්‍ය ප්‍රකාශය මාධ්‍ය මගින් පළ කළ පුවත්පත් ද පැමිණිල්ලේ සාක්ෂි ලෙස ලකුණු කර ඇති බැවින් ඒවා අධ්‍යයනය කර තමන් ඉල්ලා සිටින සහන ලබාදෙන ලෙසට හඩ්සන් සමරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පැමිණිල්ලේ සාක්ෂි අවසන් වීමෙන් අනතුරුව විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම සඳහා එම නඩුව ලබන ජූනි මස 25 වන දින නැවත කැඳවීමට විනිසුරුවරයා එහිදී නියම කළා.

නීතිඥ නිශාන් බාලසූරිය හා නීතිඥ සුමේධ මහවත්තආරච්චි සමග ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
15
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10