ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෙනස්කම් කිහිපයකට රජයේ අවධානය

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක
කාරක සභාව මගින් පිහිටුවන ලද “ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම” සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු අනු කාරක සභාවේ පළමු රැස්වීම එම අනුකාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) රැස්වුණා.

මෙම අනු කාරක සභාව මගින් මූලික වශයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධව කෙටි කාලීනව
මෙන්ම දිගු කාලීනව ක්‍රියාත්මක කළ හැකි නීති සහ රෙගුලාසිවල වෙනස්කම් සොයා බැලීම සිදු කරනු ලබන අතර ඉන් පසු අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට නියමිතයි.

මේ අනුව අනු කාරක සභා රැස්වීම සඳහා ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා කටයුතු
පිළිබඳ අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් සම්බන්ධ වූ අතර ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් සතු අදහස් අනු කාරක සභාව වෙත ලබා ගැනීම සිදු වනවා.

මෙහිදී අනු කාරක සභාව අමතමින් එම කාරක සභාවේ සභාපතිවරිය පෙන්වා දුන්නේ මෙම අංශය සම්බන්ධයෙන් අවධානය යෙ‍ාමු කරමින් සකස් කළ පී. දයාරත්න වාර්තාව මේ වන විට පවතින බවත් මෙම වාර්තාව 2014 වර්ෂයේදී සකස්කොට ඇති බවත්ය.

නමුත් එම වාර්තාව සකස්කොට මේ වන විට වසර 11 පමණ ගතවී ඇති බැවින් මේ වන විට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු වී ඇති වර්තමාන තාක්ෂණික පරිවර්ථන සැලකිල්ලට ගනිමින් නව වාර්තාවක් සකස් කළ යුතු බව කමිටුවේ අදහස වුණා.

නමුත් සකස්කරන නව වාර්තාව සඳහා පදනම සකසා ගැනීමට පී. දයාරත්න වාර්තාව භාවිත කළ හැකි බව අනු කාරක සභාවේ අදහස වූ බවයි වාර්තා වන්නේ.

එසේම මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පරිවර්තන සිදු කිරීමේදී ආබාධ සහිත ප්‍රජාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ප්‍රකාශ කළා.

විශේෂයෙන්ම බස් රථ සහ දුම්රිය නැවතුම්පළ ප්‍රතිසංස්කරණය කිරීමේදී ආබාධ සහිත ප්‍රජාව පිළිබඳ අවධානය යොමු කළ යුතු බව හෙතෙම පෙන්වා දුන් අතර නවීන බස් රථ ගෙන්වීමේදී මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

බස් රථ සහ දුම්රිය ආශ්‍රිතව සිදු වන කාන්තා හිංසනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේ අවධානයට යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?