ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෙනස්කම් කිහිපයකට රජයේ අවධානය

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක
කාරක සභාව මගින් පිහිටුවන ලද “ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම” සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු අනු කාරක සභාවේ පළමු රැස්වීම එම අනුකාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) රැස්වුණා.

මෙම අනු කාරක සභාව මගින් මූලික වශයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධව කෙටි කාලීනව
මෙන්ම දිගු කාලීනව ක්‍රියාත්මක කළ හැකි නීති සහ රෙගුලාසිවල වෙනස්කම් සොයා බැලීම සිදු කරනු ලබන අතර ඉන් පසු අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට නියමිතයි.

මේ අනුව අනු කාරක සභා රැස්වීම සඳහා ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා කටයුතු
පිළිබඳ අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් සම්බන්ධ වූ අතර ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් සතු අදහස් අනු කාරක සභාව වෙත ලබා ගැනීම සිදු වනවා.

මෙහිදී අනු කාරක සභාව අමතමින් එම කාරක සභාවේ සභාපතිවරිය පෙන්වා දුන්නේ මෙම අංශය සම්බන්ධයෙන් අවධානය යෙ‍ාමු කරමින් සකස් කළ පී. දයාරත්න වාර්තාව මේ වන විට පවතින බවත් මෙම වාර්තාව 2014 වර්ෂයේදී සකස්කොට ඇති බවත්ය.

නමුත් එම වාර්තාව සකස්කොට මේ වන විට වසර 11 පමණ ගතවී ඇති බැවින් මේ වන විට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු වී ඇති වර්තමාන තාක්ෂණික පරිවර්ථන සැලකිල්ලට ගනිමින් නව වාර්තාවක් සකස් කළ යුතු බව කමිටුවේ අදහස වුණා.

නමුත් සකස්කරන නව වාර්තාව සඳහා පදනම සකසා ගැනීමට පී. දයාරත්න වාර්තාව භාවිත කළ හැකි බව අනු කාරක සභාවේ අදහස වූ බවයි වාර්තා වන්නේ.

එසේම මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පරිවර්තන සිදු කිරීමේදී ආබාධ සහිත ප්‍රජාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ප්‍රකාශ කළා.

විශේෂයෙන්ම බස් රථ සහ දුම්රිය නැවතුම්පළ ප්‍රතිසංස්කරණය කිරීමේදී ආබාධ සහිත ප්‍රජාව පිළිබඳ අවධානය යොමු කළ යුතු බව හෙතෙම පෙන්වා දුන් අතර නවීන බස් රථ ගෙන්වීමේදී මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

බස් රථ සහ දුම්රිය ආශ්‍රිතව සිදු වන කාන්තා හිංසනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේ අවධානයට යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16