AFC Banner
AFC Banner
Empty Ad

ඇල්පිටියේ පුංචි ඡන්දයේ නාම යෝජනා භාරගැනීමට දින දෙයි (නිවේදනය)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව නාම යෝජනා භාර ගැනීමට දින ලබා දී තිබෙනවා.

ඒ, අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සැප්තැම්බර් මස 09 වනදා සිට 12 වනදා දක්වා නාම යෝජනා භාරගැනීම සිදුකරන බවයි.

ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම අද සිට සැප්තැම්බර් 11 මධ්‍යාහ්න 12.00 දක්වා සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 262 වැනි අධිකාරිය ප්‍රකාරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති සහ සභිකයින් තෝරා ගැනීමට අදාළව මෙලෙස නාමය යෝජනා භාරගැනීම ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?