ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සා/පෙළ සිසුවා විදුලි සැරකට බිලි – ගිලන් රථ ප්‍රමාදයත් හේතුවක් ද?

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි පාසල් ශිෂ්‍යයෙකු විදුලි සැර වැදීමකින් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ගල්කිරියාගම – දික්වැන්නාගම ප්‍රදේශයේ දී අද (25) පස්වරුවේ මෙම අනතුර සිදු ව ඇති බවයි.

විදුලි සැර වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 17 හැවිරිදි සෙනවිරත්න මුදියන්සේලාගේ පසිදු කාංචන බණ්ඩාර නමැත්තෙක්.

සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් සහෝදරයා වන මෙම මියගිය සිසුවා ආඬියාගල නවෝද්‍යා ජාතික පාසැලේ 11 වන වසරේ ඉගෙනුම ලබා’ මෙම වසරේ දී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිට තිබෙනවා.

අධ්‍යාපන කටයුතුවලට මෙන් ම විෂය බාහිර ක්‍රියාකාරකම්වල දී ද දැඩි දක්ෂතා පෙන්වූ ශිෂ්‍යයෙකු ලෙසටයි මෙම මියගිය සිසුවා සැලකෙන්නේ.

සිය නිවස පිහිටි ගෙවත්තට පැමිණෙන රිලවුන් පලවා හැරීම සඳහා ගෙවත්තේ සවිකර තිබූ ගුවන්විදුලි යන්ත්‍රයකට සපයා තිබූ විදුලි වයරයක ඇති වූ දෝෂයක් සැකසීමට උත්සාහ ගනිමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

විදුලි සැර වැදීමෙන් අනතුරට පත් සිසුවා ප්‍රතිකාර සඳහා කඩිනමින් ආඬියාගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට එම දෙමව්පියන් හා අසල්වැසියන් එක්ව කඩිනමින් කටයුතු කෙරුණ ද; ඒ වනවිටත් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සිසුවා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට‍යි එම වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණේ.

එම අවස්ථාවේ ගිලන්රථය නොතිබීම හේතුවෙන් හා වෙනත් ගිලන් රථයක් සොයා ගැනීම සඳහා පැවති අපහසුතාව හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් එම රෝහලේ දී ම ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරු පියවර ගෙන ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

පසුව වෙනත් ගිලන්රථයක් ගෙන්වා අසාධ්‍ය තත්ත්වයේ සිටි එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට ආඬියාගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු පියවර ගත්ත ද; විදුලි සැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ එම සිසුවා දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

මිය ගිය සිසුවාගේ දේහය මේ වනවිට දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හෙට (26) දිනයේ එම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47