ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සා/පෙළ සිසුවා විදුලි සැරකට බිලි – ගිලන් රථ ප්‍රමාදයත් හේතුවක් ද?

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි පාසල් ශිෂ්‍යයෙකු විදුලි සැර වැදීමකින් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ගල්කිරියාගම – දික්වැන්නාගම ප්‍රදේශයේ දී අද (25) පස්වරුවේ මෙම අනතුර සිදු ව ඇති බවයි.

විදුලි සැර වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 17 හැවිරිදි සෙනවිරත්න මුදියන්සේලාගේ පසිදු කාංචන බණ්ඩාර නමැත්තෙක්.

සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් සහෝදරයා වන මෙම මියගිය සිසුවා ආඬියාගල නවෝද්‍යා ජාතික පාසැලේ 11 වන වසරේ ඉගෙනුම ලබා’ මෙම වසරේ දී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිට තිබෙනවා.

අධ්‍යාපන කටයුතුවලට මෙන් ම විෂය බාහිර ක්‍රියාකාරකම්වල දී ද දැඩි දක්ෂතා පෙන්වූ ශිෂ්‍යයෙකු ලෙසටයි මෙම මියගිය සිසුවා සැලකෙන්නේ.

සිය නිවස පිහිටි ගෙවත්තට පැමිණෙන රිලවුන් පලවා හැරීම සඳහා ගෙවත්තේ සවිකර තිබූ ගුවන්විදුලි යන්ත්‍රයකට සපයා තිබූ විදුලි වයරයක ඇති වූ දෝෂයක් සැකසීමට උත්සාහ ගනිමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

විදුලි සැර වැදීමෙන් අනතුරට පත් සිසුවා ප්‍රතිකාර සඳහා කඩිනමින් ආඬියාගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට එම දෙමව්පියන් හා අසල්වැසියන් එක්ව කඩිනමින් කටයුතු කෙරුණ ද; ඒ වනවිටත් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සිසුවා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට‍යි එම වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණේ.

එම අවස්ථාවේ ගිලන්රථය නොතිබීම හේතුවෙන් හා වෙනත් ගිලන් රථයක් සොයා ගැනීම සඳහා පැවති අපහසුතාව හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් එම රෝහලේ දී ම ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරු පියවර ගෙන ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

පසුව වෙනත් ගිලන්රථයක් ගෙන්වා අසාධ්‍ය තත්ත්වයේ සිටි එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට ආඬියාගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු පියවර ගත්ත ද; විදුලි සැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ එම සිසුවා දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

මිය ගිය සිසුවාගේ දේහය මේ වනවිට දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හෙට (26) දිනයේ එම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?