බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් අද (08) පස්වරු 01.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.
බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල ද අද උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දෘශ්‍ය ලෙස සුර්යයා උතුරට ගමන් කිරීමේදී සුර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින අතර අද (08) දින දහවල් 12:12 ට මීගමුව, වරකපොළ, අරණායක, ගම්පොළ, බිබිල, ඉඟිනියාගල සහ අක්කරේපත්තු යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.













