හෙට (02) සිට දිවයිනේ පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වයද තවදුරටත් පවතින බවයි කාලගුණ දැනුම් දී ඇත්තේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල අද (01) දිනයේ දී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විඔද්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවත් සඳහන්.
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු – මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ .
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.













