ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් අද (19) දහවල් කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානිකම් සානකයන්, එම්.ඒ.සුමන්දිරන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.
මෙහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පැන නැගී ඇති ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ පළාත් පාලන මැතිවරණය පැවති නිසා පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි වූ බවත් ලබන වසරේ අනිවාර්යෙන්ම පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ලේකම්, එම්.ඒ.සුමන්දිරන් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
1
+1
+1
+1
1





