පළාත් සභා මැතිවරණය 2026 දී බවට ජනපති පොරොන්දු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් අද (19) දහවල් කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානිකම් සානකයන්, එම්.ඒ.සුමන්දිරන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

මෙහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ‍ප්‍රදේශයේ පැන නැගී ඇති ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ පළාත් පාලන මැතිවරණය පැවති නිසා පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි වූ බවත් ලබන වසරේ අනිවාර්යෙන්ම පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ලේකම්, එම්.ඒ.සුමන්දිරන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27