පළාත් පාලන ආයතන සඳහා 25% තරුණ නියෝජනයට ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ එකඟත්වය

ප්‍රේම්නාත් සී. දොළවත්ත සහ ඉමිතියාස් බාකීර් මාකර් විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක්, අමාත්‍යාංශ වාර්තා සමඟ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේදී පසුගියදා සලකා බලනු ලැබුවා.

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනුයි පසුගියදා රැස් වූයේ.

ස්ථාවර නියෝග 53(4) ප්‍රකාරව “පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන මන්ත්‍රීවරයාගේ මූලික අභිලාෂයට අනුකූල නොවන කිසි වගන්තියක් පනත් කෙටුම්පතකට ඇතුළත් කරනු ලැබීමට ඉඩ නොදෙනු ලැබිය යුතු ය” යන විධිවිධානයට අනුව පනත් කෙටුම්පත්හි අන්තර්ගතය සලකා බැලීම මෙහිදී සිදු කෙරුණා.

ඒ අනුව ඉමිතියාස් බාකීර් මාකර් විසින් ඉදිරිපත් කර තිබූ (126) පනත් කෙටුම්ප‍තේ තරුණ නියෝජනයක් පිළිබඳව වන බව සලකා බලමින් නැවත කෙටුම්පත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් දී තිබෙනවා.

ප්‍රේම්නාත් සී. දොළවත්ත විසින් ඉදිරිපත් කර තිබූ (160) පනත් කෙටුම්පතෙහි කාන්තා නියෝජනයක් පිළිබඳව සඳහන් වුව ද, දැනටමත් ප්‍රධාන ප්‍රඥප්තියෙහි කාන්තා නියෝජනය පිළිබඳව සඳහන් වන බැවින් ඒ පිළිබඳව වූ කොටස ඉවත් කර 25%ක සමස්ත තරුණ නියෝජනයක් පිළිබඳව අන්තර්ගත විය යුතු බවටයි කාරක සභාව විසින් අදහස් කර ඇත්තේ.

එබැවින් 160 වන පනත් කෙටුම්පතෙහි අනුග්‍රාහක මන්ත්‍රීවරයාගේ ද එකඟතාවය මත එකී පනත් කෙටුම්පත ද නැවත කෙටුම්පත් කරමින් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ද කාරක සභාව නිලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10