පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කමිටු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණයට අදාළව පත්කෙරුණු කමිටුවේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දින අග්‍රාමාත්‍යවරයාට අවසර ලබා දුන්නා.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් අද විභාගය සඳහා කැඳවූ අවස්ථාවලදී එහි වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසර ලබාදීම සිදු කෙරුණා.

අදාල පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා මෙම නඩුවලට අදාළව කරුණු දැක්වීම සඳහා පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය සිදුකළ කමිටුවේ වාර්තාව සහ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා මෝසමක් ගොනුකර තිබෙන බව සඳහන් කළා.

නඩු විභාගය ආරම්භ වී තිබෙන මෙම අවස්ථාවේදී මෙවැනි ලේඛන ඉදිරිපත් කිරීම සඳහා මෝසමක් ගොනු කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු දන්වා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විත්තියේ නීතිඥවරුන්ගේ විරෝධතාවලට යටත්ව අදාළ සීමා නිර්ණය කමිටු වාර්තාව සහ සෙසු ලේඛන ලබන 14 වනදාට පෙර ගොනු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාට අධිකරණය විසින් අවසර ලබා දුන්නා.

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?