පළවෙනිදා උදෙන්ම වැඩ ඇල්ලූ ජන අරගල ව්‍යාපාරය – 2026 වසරේ අභියෝග ගැන දැනුවත් කිරීමක්

2026 වසරේ දී මෙරට ජනතාව මුහුණ පෑමට සිදුවන අභියෝග බවට පවසමින්, කරුණු කිහිපයක් සඳහන් කර ඇති අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් ජන අරගල ව්‍යාපාරය විසින් අද (01) උදෑසන කොටුව දුම්රියපොළ ඉදිරිපිට සංවිධානය කර තිබුණා.

IMF සමඟ සහ ඉන්දියාව සමඟ අත්සන් කර ඇතැයි කියන ඖෂධ, ධීවර ඇතුළු ගිවිසුම් කිහිපයක් සහ ත්‍රස්ත මර්දන පනත, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඔවුන් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

මෙම වැඩසටහන සඳහා ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව සහ වසන්ත මුදලිගේ ඇතුළු ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?