පළමු විස්සයි විස්සෙන් ශ්‍රී ලංකාව අමාරුවෙන් ගොඩයයි

බංග්ලාදේශය සමග පැවති පළමු විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ජයගන්නට ශ්‍රී ලංකාවට අද (04) රාත්‍රියේ හැකියාව ලැබුණා.

සත්කාරක බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකා මෙම තරගය ජය ගත්තේ ලකුණු 03කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 206ක් රැස් කළා.

ලකුණු 207ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 203ක් පමණයි.

බංග්ලාදේශය ඉනිමේ අවසන් පන්දුවාර ක්‍රියාත්මක කළ දසුන් ශානක එම පන්දුවාරය තුළ කඩුලු දෙකක් බිද දමමින් ලකුණු 08කට සීමා කළා.

93353784 596678450942297 1246358797304201216 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
7
+1
0
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?