වාහන ආනයනයට අවසර ලබාදීමෙන් පසු මෙරටට ආනයනය කරනු ලබන පළමු වාහන තොගය පෙබරවාරි 25, 27 දිනයන් පමණවන විට දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ අද (08) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මාර්තු මස පළමු සතිය පමණවන විට දෙවන වාහන තොගය දිවයිනට පැමිණෙනු ඇති බවයි.
මෙලෙස ආනයනය කරනු ලබන වාහන රුපියල් ලක්ෂ 60 සිට ඉහළ මිල ගණන්වලට ලබාගත හැකි බවයි මෙහිදී සභාපතිවරයා පවසා සිටියේ.
එමෙන්ම වාහනයක් මිල දී ගැනීම වෙනුවෙන් ජනතාව කලබල නොවිය යුතු බව සඳහන් කළ ඔහු, වාහන මිල දී ගැනීම සඳහා ජනතාව අතර විශාල ඉල්ලුමක් පවතින බව ද සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1