පළමු තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට කොදෙව් නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ දඹුල්ල තණතීරුවේ පළමුව පන්දු යැවීමටයි.

මේ අතර කාසිය වාසිය උරගා බැලීම පස්වරු 6.30ට නියමිතව තිබුණත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය විනාඩි 30 කින් ප්‍රමාද වුණා.

ඒ අනුව පස්වරු 7.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ තරග පස්වරු 7.30ට ආරම්භ කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.

දෙරට අතර මේ දක්වා ජාත්‍යන්තර 20-20 තරග 15ක් පවත්වා ඇති අතර, ඉන් තරග අටක ජය ශ්‍රී ලංකාව හිමිකර ගනිද්දී කොදෙව්වන් ජයගෙන ඇත්තේ තරග 07ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?